වාස්තුවිද්‍යාවට
හා ජීවිතයේ සැබෑ සාර්ථකත්වය සඳහා ෆෙන්සුයි සාස්ත්‍රය නිවරදි ආකාරයෙන් ගලපාගත හැකිය. මින්
ලබාගත හැකි ප්‍රයෝජන අප ජීවිතය වඩා චමත්කාර එකක් කරනු ඇත. සාර්ථක බ්ලොග් එකක් සඳහාද
ෆෙන්සුයි සාස්ත්‍රයේ ඇති රහස් භාවිතා කළ හැකිය. මගේ සාර්ථකම කෘතිය ලෙස ෆෙන්සුයි කලාව
සාර්ථක බ්ලොග් කරනයක් සඳහා නමින් වූ කෘතිය හදුන්වා දීමට කැමති අතර ඔබගේ පහන් සංවේගය
උදෙසා මෙම කෘතියෙන් උපුටාගත් ෆෙන්සුයි රහස් නමයක් සැකවින් මාගේ
බ්ලොග් අඩවියේ සටහන් කරන්නට සිත්විය. ඔබ සාර්ථක නොවූ
බ්ලොග් කරුවෙකුනම් මෙම ෆෙන්සුයි නිවරදි අයුරින් භාවිත කොට සාර්ථක බ්ලොග් කරුවෙකු වන්න.
1 බ්ලොග් එකක්
සැකසීමට ප්‍රථම කළයුතු ෆෙන්සුයි රහස්
- ඔබට මේ වන විට ඇත්තේ එක් ඊමේල් ගිනුමක් නම් පළමුව අවම ලෙස ඊමේල් ගිනුම් නමයක් සකසා ගන්න.
- එම සියළුම ඊමේල් ගිනුම් භාවිත කොට වෙන වෙනම බ්ලොග් සකසා ගන්න. මෙම සෑම ගිනුමකටම වෙන වෙන නම් යෙදීමටත් ඡායාරූප ඇතුලත් කිරීමටත් අමතක නොකරන්න. මෙහිදී පූසන් ගෙබ්බන් හා පබයන් ගේ රූප වඩා හොදින් ගැලපේ.
බ්ලොග් එකක්
ඇරබීමේදී අනුගමණය කළ යුතු ෆෙන්සුයි රහස්
2 ෆෙන්සුයි රහස්
නාමය.
- මෙලෝ රහක් නැති නමක් වඩා සුදුසුය. ලියන පුද්ගලයා මත පොන්නයා. මෝඩයා. ගොන්බාස්. වැනි ව්‍යාජ නමක් යොදාගැනීමට හැකිපමණින් උත්සාහ කරන්න. (ව්‍යාජ නමක් යොදා ගන්නා බැවින් ඔබව කිසිදිනක හදුනාගැනීමට නොහැකි වනු ඇතැයි සිතා හිත හදා ගැනීමට මෙමගින් හැකියාව ලැබේ.)
3 තේමාවක් සකසා
ගැනීම.
- මම උගැන්වීමට උපන්නෙමි. ඔබ නිරුවත් කරමි. වැනි තේමාවක් ඔබ විසින් සකසන බ්ලොග් එකෙහි වම් පස ඉහලින් සටහන් කරන්න. (ඔබ ව්‍යාජ නමක් යොදා ඇති බැවින් හා ඔබගේ නිරුවත අනුන්ට නොපෙනේයැයි ඔබ සිතන බැවින් අනුන්ව නිරුවත් කිරීමටත්, ඔබගේ මානසික ආබාධය සඟවා ගැනීමටත් මෙම තේමාව වඩා වැදගත් වේ.)
4 බ්ලොග් එක
ලිවීම
- කිසිවිටකත් අලුතින් නිර්මාණයක් නොකරන්න. හැකි පමණින් අනුන් ලියූ බ්ලොග්ම ඔබ විසින්ද ලියන්න. අවම ලෙස අලුත් මාතෘකාවක්වත් නොයොදන්න. උදාහරණයක් ලෙස ඔබ ASP ගැන ලිවීමට අපේක්ෂා කරයි නම් එක් අයෙකු ASP අවකාශයේ උගන්වන PHP ලෙස මාතෘකාවක් යොදා ගෙන ඇත්නම් එයම පොඩ්ඩක් වෙනස් කොට PHP අවකාශයේ උගන්වන ASP ලෙස වෙනස් කර මාතෘකාව යොදන්න. කිසිවිටකත් නිර්මාණශීලී නොවන්න. අලුතින් යමක් කළද අනුන් කරදේම කිරීමට වගබලාගන්න.
- යම් අයෙක් යමක් අලුතින් සිතා ලියා ඇත්නම් එය ඔහුගේ සවිඥානක මනසින් නොවිය යුක්තක් බව කියමින් එයට විරුද්ධව බ්ලොග් එකක් ලියන්න. හැකිපමණ ඔවුන්ව හෑල්ලුවට ලක්කොට ඔබගේ පොරත්වය පෙන්වන්න. එවිට ඔබ ඉතා දක්ෂ පරිණත පුද්ගලයෙකු බව වෙනත් අය තේරුම් ගනු ඇත. එසේම ඔබට අලුතින් යමක් ලිවීමට බැරි හා නිර්මාණශීලී නොවන පුද්ගලයකු බවද අන්අය තේරුම් නොගනු ඇත.
- හැකි සෑම විටම වෙනත් පුද්ලයකු ලියූ බ්ලොග් එකක්ම ඔබ බ්ලොග් එක කරගන්න. එමගින් කොක්කත් පටලවා ගැනීමට ඔබට නිතැතින්ම අවකාශය ලැබෙනු ඇත. මෙය සාර්ථක ෆෙන්සුයි රහසකි.
5 ෆෙන්සුයි
කමෙන්ට් කළාව.
- ෆෙන්සුයි සාස්ත්රයට අනුව කමෙන්ට් සතුව මහ බලයක් ඇත. ඔබ ආරම්භයේදී සකසාගත් ඊමෙල් ගිනුම් භාවිතා කොට ඔබගේ බ්ලොග් සඳහා වෙන වෙන නම් වලින් කමෙන්ට් නමයක් අන් අය දැමීමට ප්‍රථම යොදන්න. ඉන් මහා බලයක් ලැබෙන අතර අවම ලෙස එක් කමෙන්ට් එකක් වත් ලැබුන හොත් සම්පූර්ණ කමෙන්ට් ගණන 10 යක් වනු ඇත. මෙය අනෙක් අයට ඔබ බ්ලොග් සාර්ථක බව පෙන්වීමට කදිම නිදසුනකි.
- මෙම කමෙන්ට් වලින් අන් අය නිරුවත් කිරීමත්, මඩගැසීමත් හොදින් කළ හැකිය. ඔබම යොදන කමෙන්ට් වලට පුද්ගල නම් අවශ්‍ය වේ නම් කුඩු ලාල්, ඩප්පි සිරා වැනි නම් වඩා හොදින් ගැලපේ. එසේම වෙනත් සාර්ථක බ්ලොග් කරුවන්ගේ නම් වලින්ද කමෙන්ට් දැමිය හැකිය.
6 අන් අයගේ
බ්ලොග් මත ෆෙන්සුයි කමෙන්ට් දැමීම.
- මෙහිදී කිසිදු විටක ඔබ නමින් කමෙන්ට් නොදමන්න. ෆෙන්සුයි සාස්ත්රයට අනුව එසේ කමෙන්ට් දැමීම ඔබගේ තත්වය නැතිවීමට හේතු වේ. ඔබ කමෙන්ට් නොදමන අයෙක් බව අන් අයට පෙන්වන්න. නමුත් ඔබ කලින් සකසා ගත් ඊමේල් ගිනුම් හා ව්‍යාජ නම් යොදා ගනිමින් අන් අයගේ බ්ලොග් මත වසුරු හෙලන්න. අනුන්ව හැකි තරම් හෑල්ලුවට ලක් කරන්න. එවිට ඔවුන් පසු බසින අතර ඔබගේ ගමන වේගවත් වනු ඇත. ඔබට තත්වයක් නැතිවුවද තිබෙන එක මෙමගින් එය ආරක්ෂා කරගත හැකිය.
7 ෆෙන්සුයි
කවුන්ටරයක් සවිකිරීම
- ෆෙන්සුයි සාස්ත්රයට අනුව යූසර් කවුන්ටරය ආරම්භ කළ යුත්තේ 10,000 හට ඔබ්බෙන් වූ අගයකිනි. ඔබ සවිකරණ මීටරයේ ආරම්භක අගය 10009 යෙන් පටන් ගන්න. එය දකුණු පස හෝ වම් පස හෝ ඉහල හෝ පහළ සවිකරන්න. එවිට අඩවියට පැමිණෙන ආරම්භක පුද්ලයා වුව සිතනුයේ මෙච්චර පුද්ගල සංක්‍යාවක් බලන අඩවියක් මම නොබලා ඉන්නේ කෙසේ ද යැයි ඔවුන් සිතනු ඇත.
- දිනකට අවම ලෙස 59 වතාවක් වත් ඔබගේ අඩවිය වෙත ප්‍රවිශ්ථ වීමෙන් මෙම ෆෙන්සුයි කවුන්ටරයෙහි දැක්වෙන අගය වැඩි කරගැනීමට උත්සාහ කරන්න. අවශ්‍ය නම් අයිපී වෙනස් කොට නැවත නැවත ඔබම අඩවියට ප්‍රවිශ්ථ වන්න.
8 ෆෙන්සුයි
හබායන්නන් ඇතුලත් කිරීම
- Follower නමින් හදුන්වන ෆෙන්සුයි හබායන්නන් සාර්ථක බ්ලොග් එකක් සඳහා අත්යඅවශය වේ. මෙහිදී කලින් සකසා ගත් මේල් ලිපිණ භාවිතා කොට ආරම්භයේදීම හබායන්නන් 9 දෙකෙකු ඇතුලත් කරන්න. මෙමගින් හබායන්නන් වේගවත්ව එක්වනු ඇත.
- යම් ලෙසකින් හබාගන්නන් ප්‍රමාණය අඩු බව ඔබ පලමු දින 9 ය ඇතුලත තේරුම් ගනීනම් හබායන්නන් දැක්වෙන කොටස ඉවත් කරන්න. එමගින් ඔබගේ අසාර්ථකත්වය මැකීයනු ඇත.
9 ෆෙන්සුයි සින්ඩිය.
- සිංහල බ්ලොග් කරුවන්ගේ සින්ඩිය හා වෙනත් සින්ඩිවල ලියාපදිංචි වීම අනිවාර්යයෙන්ම කරන්න. නනාප්ප්රකාර පුද්ගලයන් මෙම සින්ඩිය බලන බැවින් බොහෝවිට වැරදිලා හෝ මූසිකය එබීම මගින් පුද්ගලයන් ඔබගේ අඩවිය වෙත පැමිනෙනු ඇත.
- සින්ඩියේ ආචාරියන්ගේ හඳුනාගැනීමටත් ඔවුන්ගේ ගුණ ගැයීමටත් ඔවුන්ව අත්තේ තැබීමත් හැකි සෑම විටදීම උත්සාහ ගන්න. ඔවුන්ගේ තීරණ වලට ඔබ එකඟ බවත් ඔවුන් වෙනුවෙන් කඩේ යාමත් නිතැතින් කරන්න. ඔවුන් ගත් තීරණ හරි බව සැමවිටම පවසන්න. එවිට අන් අය ඔබට අභියෝග නොකරනු ඇත.
අංක එකේ සිට
නමය දක්වා වූ ෆෙන්සුයි රහස් ඔබගේ මිතුරන් මේ වන විටත් භාවිතා කොට සාර්ථක බ්ලොග් කරුවන් බවට මේ වන විටත් පත්වී ඇත. ඔබද
මෙම ෆෙන්සුයි රහස්
ක්‍රියාවට නගන්න. ඉදිරියෙදී අලුතින් මුද්‍රණය වන මෙම කෘතිය සඳහා මා
නොදන්නා තව ෆෙන්සුයි රහස්
ඇත්නම් එය කමෙන්ට් ලෙස ඇතුලත් කරන්න. මෙම ෆෙන්සුයි රහස් හෙලිකිරීම මගින් ඔබට යම් අසාධාරණයක්
වූයේනම් මට කුණු හරුපෙන්
බැනීමටත් අමතක නොකරන්න. ඒ සඳහාද මා හදුන්වාදුන් ෆෙන්සුයි රහස් නාමය භාවිත කරන්න.
ඔබට ෆෙන්සුයි පිහිටයි.
No comments:
Post a Comment