Friday, December 13, 2013

දුම් කොලේ නොමැතිවත් ආදායම් බලපත්‍ ගැනීමට පහසුකම් සලසන https://www.srilanka.lk අඩවියේ සේවාව ඔබත් ලබාගන්න.

ලංකාවේ වාහන ආධායම් බලපත්‍රය ලබාගැනීම අන්තර්ජාලය හා සම්බන්ධ කිරීම ඇත්තටම වචනයෙන් විස්තර කළ නොහැකි තරම් අගනා කාර්යයක් වේ. මේ වන විට බස්නාහිර පලාතේ ලියාපදිංචි වූ වාහන වලට ආධායම් බලපත්‍රය  https://www.srilanka.lk වෙත ගොස්  ඉතා පහසුවෙන් ලබාගත හැකිය.




සාමාන්‍යයන් ආධායම් බලපත්‍රයක් ලබාගැනීමට දුම් සහතිකය හා රක්ෂණ සහතිකය අනිවාර්යය වන අතර මෙම සේවාව අන්තර්ජාලය මගින් ලබාගැනීමේදීද එලෙසින්ම විය යුතුය. නමුත් මෙහි සිනහා උපදවන කාර්යය වනුයේ වාහන බලපත්‍රය කල්ඉකුත් වීමට දින කිහිපයකට පෙර අන්තර්ජාලය ඔස්සේ ලබාගැනීමට උත්සාහ කිරීමේදී තවදුරටත් දුම් සහතිකය වලංගු බව වැඩසටහනට අනුව පෙන්වීමය. මෙනිසාම ආධායම් බලපත්‍රයට අදාල මුදල ගෙවීමෙන් පමණක් ආධායම් බලපත්‍රය ලබාගත හැකිවීමය.  


ශ්‍රී ලංකාව තුළ සිටිනුයේ අති දක්ෂ පරිගණක වැඩසටහන් සම්පාදක වරුන්ය. ඔවුන් කොපමන දක්ෂද යන්න තහවුරු කරගැනීමට ඔබත් කඩිනමින් ඔබගේ ආධායම් බලපත්‍රය ලබාගන්නයැයි මා ඉල්ලා සිටිමි.
 


ඇත්තටම මෙම වැඩසටහන සැකසූ පුද්ගලයාට මාගේ ස්තුතිය හිමිවේ. මක්නිසාද යත් නිකරුනේ වැයකරනු ලබන දුම් සහතිකයට ගෙවනු ලබන මුදල ඉතිරි කරදීමය.  ඇත්තටම මෙවැනි හොද වැඩසටහන් දිගටම ලිවීමට ශක්තිය ලැබේවායි ප්‍රර්ථනා කරමු. ඔහුත් වාහන හිමියෙක් විය යුතුය.

මෙම හෙලිදරවුව කිරීම නිසා ඇතැම් විට ඔබට මෙම අගනා වාසිය ඉදිරියේදී ලබාගැනීමට නොහැකි වනු ඇත මට බැන වදීමෙන් වලකින්න.



3 comments:

Yohan Kanishka | යොහාන් කණිෂ්ක said...

මගේ වාහනේ නම්බර් එක දැනමම නම්

මෙම වාහනයට අදාළ දත්ත පෙන්නුම් නොකරයි. කරුණාකර ඔබගේ වාහ‍නයේ අංකය නැවත පරීක්‍ෂා කරන්න. සැ.යු. මෙම සේවාව දැනට ක්‍රියාත්මක වනුයේ බස්නාහිර පළාතේ ලියාපදිංචි කර ඇති වාහන සඳහා පමණි.

කියල එන්නෙ :P අපිත් බස්නාහිර පළාතෙ තමයි.

Gayan Tharaka said...

Chogm සයිට් එක හදපු ගාණ බැලුවම මේ වගේ app එකක් හදන්න ඒ වගේ දහ ගුණයක් විතර යන්න ඇති. ඒත් ටෙස් නොකර මෙහෙමත් දානවද මං අහන්නේ :)

word verification එක කරදරයි සිංහලෙන් කමෙන්ට් දාද්දි

Rujith Siriwardhana said...

වෑන් එකනම් එනවා ඒත් අනිත් වාහන එන්නේ නැනේ :/