වේලාව හරියටම රාත්රී දහයයි. ඇඳට ගිහින් නිදා ගන්න ඇස්
පියා ගත්තා විතරයි. බෝඩිමේ දොරට ගහන්න ගත්තේ එක කාමරයේ ඉන්න යාළුවා. මේකට පිස්සු ඌත්
මමත් එකම තැන වැඩකරන්නේ. මාත් ඌත් ඔෆිස් එකේම කෑලී දෙකක් දාගෙන ඉන්නේ. මම හතර
හමාරට ඔෆිස් ඇරිලා පොඩ්ඩක් ලවුත් කරලා බෝඩිමට ඇවිත් සවස පහ වෙනකොට නාලා කාලා ටීවී
බලලා ආතල් එකේ ඉන්නවා. මේ හරකා කෑල්ලත් එක්ක ලවු කරකර කෑල්ලගේ ගෙදර ලඟටම බස් එකේ
ගිහින් රෑ 10 විතර වෙන කොට බෝඩිමට එනවා. මේක මහ කරදරයක්. යකෝ මට මේ දොර ඇරිල්ල එපා
වෙලා මොන මඟුලක්ද මේ මම උගේ ඇඟට කඩාගෙන පැන්නා.
මචං කෙල්ල පවු බං ගෙදරටම ඇරලලා ආවේ. කෙල්ල නොවෙයි බං උඔ
පව්. මට මළ යකෝ. පොන්නයෙක් වෙන්න එපා බං හැමදාම කියන කථාව මම එදත් කියුවා
සෙනසුරාදා ඉරිදා දවසට කොහොමටත් ඌට විවේකයක් නෑ. අපේ
බෝඩිම තිබුනේ පැළවත්තේ ඔෆිස් එකක් තිබුනේ ඒ ලඟමයි කෙල්ල හෙන ඈත සැතැප්ම 40 ක් විතර
යන්න ඕනේග සෙනසුරාදා යාළුවයි මමයි දෙන්නම කලේ ෆීල්ම් බලන්න බොරැල්ලට යන එක. හැබැයි මේ
ආතල් එක බෝඩිමේ ඉන්න මම හා මගේ මිතුරාත් වින්දේ දෙවිදිහකට
මම මගේ එකට වෙනදා එන වෙලාවටම පැළවත්තට එන්න කියලා මමත්
ඹෆිස් යන වෙලාවට බෝඩිමෙන් එළියට ඇවිත් දෙන්නම පොඩි චැටක් දාලා බොරැල්ලට ගිහින් 10.30 ෆිල්ම් එක බලලා හිතුනොත් සවසත් ඇදලා බස්එකට
දාලා මම බෝඩිමට ඇවිත් නිදි වෙනදා නැති ප්රබෝධයකින්.
මේ යකා උදේ 3.00 විතර ඇහැරිලා කෙල්ලගේ ගේ ගාවට ගිහින්
කෙල්ලත් එක්කරගෙන 10.30 විතර වෙනකොට ෆිල්ම් එක බලන්න ඇවිත් ආයෙත් ගෙදර ගිහින්
ඇරලලා රෑ දහයට විතර ගෙදර එනවා මූනත් බෙරිකරගෙන.
මචං ඔය වැඩේ නවත්තපං ඒකිට වෙනදා වෙලාවට ගෙදරින් පැළවත්තට
එන්න කියපං මම වගේ උබත් එතනින් සෙට් වෙලා යමං. කරන මගුලක් කරලා හවස ඒකී යන බස් එකට නග්ගපං. බලපං තොගේ ඇගේ හැටි
ලවු කරන්න පටන්ගෙන මාසයක් නෑ කෑමක් නෑ නින්දක් නෑ යකෝ තොට ලඟදීම ලෙඩ උනාට පස්සේ
ඒකී වෙන එකෙක් එක්ක යයි. පොන්නයෙක් වෙන්න එපා බං. බෑ බං හෙටත් මම උදේන්ම යන්න ඕනේ
තුනට බෙල් එක තියලා ඌ නිදා ගත්තා ඇදුමවත් ගලවන්නේ නැතුව.
මොන මගුලක්ද යකෝ මේ ලවු එක නිසා මටත් නිදා ගන්න නෑ නේ හිටපං තොට හොඳ වැඩක් කරන්න
කියලා හිතාගෙන උඩ බිම බැලුවා. විනාඩියෙන් මූ
ගොරව ගොරව නිදි.
මම නැගිට්ටා බෝඩිමේ බිත්ති ඔරලෝසුවේ වෙලාව පැය තුනකින්
ඉස්සරහට දැම්මා දැන් වෙලාව 10.05 නමුත් ඔරලෝසුවේ 1.05ට වෙනස් කලා උගේ අත්
ඔරලෝසුවෙත් ඒ වෙලාවම තිබ්බා. එලාම් එකෙත් වෙලාව වෙනස් කලා මමත් නිදා ගත්තා. තුනට
එලාම් එක වැදුනා මට ලාවට ඇහුනා ඌත් මොනවාදා කියනවා ඇහුනා. ලාවට වගේ මතකයි “මචං වෙලා ගිහින් මම යනවා” වගේ කියනවා ඇහුනා. මූ
නැගිලටා යක්කු ගස් නගින වෙලාවට පාරට බැහැලා කෙල්ලගේ ගෙදර යන්න බස් හෝල්ට් එකට
ගියා.
අනේ මුගේ කරුමෙට පාරට බහිනකොටම කෙල්ලගේ ගෙවල් පැත්තට යන
අන්තිම රාත්රී බස්එක සෙට්වෙලා මූ පැය තුනකට කලින් කෙල්ලගේ ගේ ලඟට ලගා වෙලා. නමුත්
වෙනදා කෙල්ලගේ ගෙදර ලඟට යනකොට හිරැ එළිය වැටීගෙන කාපුටන් කෑගසන හඩ ඇසුනත් එදා පැය
තුනකට කලින් ගෙදරට ලගාවූ නිසාම අන්දකාරයේ ගෙදර ලඟ හිටගෙන ඉදලා පැය තුනක්ම. ඒත්
පොරගේ අතේ වෙලාව නමය වෙනකොට යන්තම් පොඩි කොල්ලෙක් කඩේට යනවාලු පාන් ගේන්න. මල්ලි
මොකද මල්ලී තාම නමය වෙලත් මිනිස්සු පාරට බහින්නේ නැත්තේ අද කරුවල ඇයි මල්ලී කියලා
තාම කපුටෝ වත් කෑ ගහන්නේ නෑ. අර ගෙදර අක්කාට කථා කරන්න බැරිද මල්ලී කියලා අහලා
තියෙනවා. පිස්සුද අයියා තාම හය වෙලාත් නෑ නේ අයියට අමු කැවිලාද කියලා මල්ලී මාරූ
වෙලා ගිහින් තිබුනා. කොහොම හරි මිනිහාගේ වෙලාවෙන් එකොලහට කෙල්ලවත් එක්කරගෙන
ඇවිදින් තිබුනා ෆිල්ම් බලන්න.
මම වෙනදා වෙලාවට ඇහැරිලා බෝඩිමේ බිත්ති ඔරලෝසුවත් මගේ
අත් ඔරලෝසුවත් හරිවෙලාවට හදලා ෆිල්ම් එක බලන්න ගියා. සවස බෝඩිමට ඇවිත් මූ අඩන්න
තියාගත්තා දවස් දෙකකට විතර පස්සේ වෙච්ච දේ යාළුවාට තේරුනා. ඌ බෝඩිමෙන් යන්න ගියා. කෙල්ල යන්තම් ඉතුරු උනා
1 comment:
පව් අෆ්ෆා අරූ.. නොයා ඉදීයැ ඕම කරාම.. හැබයි ඉතිං විහිං විදෝන එක නං නවතින්න ඇති
Post a Comment